Special News

අභියෝගයට සාමුහිකව මුහුණ දෙමු

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර  මේ මොහොත වන විට එය ශ්‍රී ලංකාව කෙරෙහිද සිදුකොට ඇති බලපෑම අතිශයින් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුව තිබේ. ලොව දියුණු රටවල් මෙම උවදුර හමුවේ පත්ව ඇති අසරණ තත්වය දෙස බලන කල ශ්‍රි ලංකාව වැනි අඩු Read More

මීගමු කළපුව වනසන මහා පරිමාණ වැලි ජාවාරමක්!

පමුණුගම සිට මීගමුව තෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ බටහිර දෙසට වන්නට මුහුදු තීරය ආශ්‍රිතව සිදුවන වැලි ජවාරම මීට පෙර කිසි කලෙක සිදු නොවූ ලෙසින් ඉහළ ගොස් ඇතැයි පරිසරවේදීන් සහ එම ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. වැලි, ගල්, පස් ප්‍රවාහනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග ප්‍රාදේශිය දේශපාලකයන්ගේ සහාය ලබන පිරිස් විසින් මේ වැලි ජාවාරම සිදු කරන බවට තොරතුරු Read More

දිවයින පුරා මුඛ ආවරණ හිඟයක්

කොරෝනා ආසාදිතයින් ඉහළ මට්ටමකට පැමිණ තිබෙන මෙම අවස්ථාවේ දිවයින පුරා ඔසුසල්වල හා සුපිරි වෙළෙදහල් වල  මුඛ ආවරණ හා ක්ෂණික අත්පිරිසිඳු කිරීම් දියර හිඟයක් මතුව තිබේ. පැළදිය යුතු මුඛ ආවරණ පිලිබද සාමාන්‍ය ජනතාවට නිසි අදහසක් නොමැති බවද වාර්තාවන අතර කොරෝනා බිය පැතිර ගිය මුල් අවස්ථාවේම රජය මගින් ඒවා අවශ්‍ය නැති බවට දැන්වූ ප්‍රචාරය නිස මුඛ ආවරණ Read More

දිවයිනේ කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට

කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 18 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නව ආසාදිතයින් 07 දෙනෙකු සොයාගැනීමත් සමගයි. මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය වනවා. මේ වන විට ඔවුන් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අද නාම යෝජනා හෝ ඇප මුදල් භාරගැනීම නැහැ

අද රජයේ නිවාඩු දිනයක් බවට නම්කර ඇති බැවින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම හෝ නාම යෝජනා භාරගැනීම සිදු නොකරණ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඉදිරි දින කිහිපයේදී වැස්ස

දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

කොරෝනාවෙන් බේරෙන්න උපදෙස් මාලාවක්

කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කළා. කොරෝනා යනු වයිරස ආසාදනයක් වන බැවින් එය රෝගියකුගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට බෝ විය හැකියි. එයින් ආරක්ෂාවීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා. කහින විට හෝ කිවිසුම් යන විට අන් Read More

හෙට රජයේ නිවාඩු දිනයක්

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස හෙට(16)දින රජයේ මෙන්ම බැංකු සහ වෙලඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ(14) රාත්‍රියේ ඒ බව ප්‍රකාශ කලේය.

ගෙදර යන්න ඕනෑ කිව්ව අයටත් හැදිලා

වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකු නිරෝධායන ක‍්‍රියාවලියට විරෝධය පෑ දෙදෙනෙක් බව හෙලිව තිබේ. ගුවන්තොටුපලේ දී නිරෝධායනය ක්‍රියාවට විරෝධය පළ කරමින් ආවේගශීලීව හැසිරුණු පිරිස් අතර මෙම පුද්ගලයන් දෙදෙනාද වන බව තහවුරු වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙක් මේ වන විට කොළඹ ජාතික උණ රෝහලේ හා අනෙක් පුද්ගලයා පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් Read More

කොරෝනා මඬින්න ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක්

කොරෝනා වෛරසය පැතිරයෑම වැළැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නියමයෙන් තීරණ රැසක් ගෙන ඇත. ආණ්ඩුව ජනවාරි මස සිට අනුගමනය කළ ක්‍රියාමර්ග රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල වූ අතර වෛරසය පැතිර ගිය රටවල් සළකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බළකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් ම සිටී. Read More

t

o

p