පිපාසය සංසිඳුවා ගන්නට දිය බිඳක් සොයා අපමණ වෙහෙසක් දරණ පිරිසක්

May 14, 2024

මිනිසුන්ට ජීවත් වීමට අවශ්‍ය ප්‍රධානතම සාධකයක් වන්නේ ජලයයි. ජලයෙන් වටවූ බිම්කඩක පිපාසය සංසිදුවා ගන්නට දිය බිඳක් සොයා අපමණ වෙහෙසක් දරණ පිරිසක් පිළිබදවයි මේ සටහන.

පෘථිවියේ වඩාත්ම බහුල සම්පත වන්නේ ජලයයි. එහෙත් ජල අර්බුදය බොහෝ පිරිසකට බලපෑම් එල්ලකර ඇත්තේ දෛවයේ සරදමක් ලෙසින්.පුත්තලම/ දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශය ආශ්‍රිත දූපත් අතර දුරින්ම පිහිටි දූපත වන්නේ බත්තලංගුණ්ඩුවයි.මුහුදු මාර්ගයෙන් පමණක් සැපයුම් සිදු කෙරෙන මේ දූපතේ ජන ජීවිතය ඉතා කර්කෂක වූවක්.

මේ අසරණයින්ට මූලික අවශ්‍යතාවක් වන පානීය ජලය සපයා ගන්නට සිදුවී ඇත්තේ ඉමහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.දූපත් වාසීන්ගේ පානීය ජල ගැටලුව දිනෙන් දින උග්‍ර වෙමින් පවතින්නේ කර්කෂ දේශගුණික තත්ත්වයේ බලපෑම මධ්‍යයේයි.

බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින මෙම අසරණයින්ට සහනයක් සැලසීමට වගකිව යුතු අංශවල යුතුකම හා වගකීමයි.

t

o

p