Sports

කමිඳු සහ ප්‍රභාත් ICC සම්මානයකට නිර්දේශ වෙයි

2024 සැප්තැම්බර් මාසය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයට කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය නිර්දේශ වී තිබේ. ඒ ඔවුන් දෙදෙනා නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙනි. ඔවුන් දෙදෙනාට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වි තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට සනත් ජයසූරිය පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර් වුඩ් එම තනතුරෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයේ වැඩ බැලීම සදහා සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත්තා. කෙසේ වෙතත් වැඩ බලන තනතුර වෙනුවට සනත් Read More

ජයසූරියගේ ධූර කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසුවයි සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස තාවකාලිකව පත් කෙරුණි.

ශ්‍රී ලංකා රග්බි පොඩ්ඩෝ ආසියාවේ තුන් වැනියට

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස 18න් පහළ සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය. තෙවන ස්ථානය සඳහා වූ තීරණාත්මක තරගයෙන් ඔවුන් විසින් සත්කාරක මැලේසියාව ලකුණු 17-14ක් ලෙස පරාජය කළේය. ඊයේ ආරම්භ වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබාගත් අතර, එහිදී ඔවුන්ට තායිලන්තය (27-0) හා චීන තායිපේ (29-70 පහසුවෙන් පරාජය කිරීමට Read More

කමිදු ලකුණු 150 සීමාව පසු කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සමවෙමිනි. ඔහු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදී අර්ධ Read More

කමිඳු මෙන්ඩිස්ගෙන් වාර්තාවක්

මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම ටෙස්ට් අර්ධ ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ කමිදු මෙන්ඩිස් අද (26) සමත් විය. ඒ, නවසීලන්ත කණ්ඩායම සමග අද පැවැති ටෙස්ට් තරගයේ අර්ධ ශතකයක් වාර්තා කිරීමත් සමගය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පාකිස්ථාන කණ්ඩායමේ සවුද් ශකීල්ය.

කාන්තා T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් තීරකවරියක් සහ විනිසුරුවරියක්

ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී. ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසය. තරග තීරකවරියක් ලෙස මි‍ෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් ලෙස නිමාලි පෙරේරා නම්කර තිබේ 9 වැනි වතාවටත් ක්‍රියාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන Read More

දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය

සංචාරක නවසීලන්තයට එරෙහිව අද (26) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන්, පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් මෙම සංචිතයට කැඳවා ඇත. එමෙන්ම මිලාන් රත්නායක ද මෙම සංචිතය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව, දෙවන ටෙස්ට් තරඟය Read More

ලංකාව ICC ටෙස් ලෝක ශූරතා ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි තැනට

ICC ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ තිබේ. ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 63කින් ජයගැනීමත් සමඟය. අද (23) දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු Read More

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කරයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්තවි මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ, චමරි අතපත්තුටයි. මෙම තරගාවලිය ලබන ඔක්තෝබර් මස 03 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතයි. හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා Read More

t

o

p