Local News

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ලබන වසරේදී පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 5,000ක් පමණ බඳවා ගන්නා බව, අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ලබන වසරේ මුල් භාගයේදී ඊට අදාළ කටයුතු ආරම්භ කරන බවයි.

එංගලන්තයේ සහයෙන් ශ්‍රී ලංකාවට අපද්‍රව්‍ය විගණන රාමුවක්

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය විගණන රාමුවක් සකස්කිරීමට හා අපද්‍රව්‍ය මූලික දත්ත රැස්කිරීම සදහා වැඩසටහනක් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) විසින් ආරම්භ කර ඇත. එහි සමාරම්භක අවස්ථාව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය විසින් (NCPC) ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සදහා එංගලන්තයේ The Center for Read More

ගාස්තු අයකිරීමකින් තොරව වීසා ගන්න ක්‍රමය

විදෙස් රටවල් 7ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අයකිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඔක්තෝබර් මස 24 වනදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට සමගාමීව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව 2024 වර්ෂයේ මාර්තු 31 වනදා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් Read More

හම්බන්තොටට චීනයේ තෙල් පිරිපහදුවක්

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ SINOPEC සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය. ඒ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

සෑම පළාත් පාලන ආයතනයකටම IT නිලධාරියෙක්

රාඡ්‍ය ආයතන වල දුෂණ අක්‍රමිකතා මැඩ පැවැත්වීම සඳහා සෑම පළාත් පාලන ආයතනයකටම තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු (IT Officer) පත්කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ. මහජනතාව විසින් විවිධ කාරණා සම්බන්ධයෙන් විමසීම් සිදුකර, ආයතන සඳහා යොමු කරන ලිපි සඳහා කඩිනමින් පිළිතුරු ලිපි යොමු කිරීම ඉතාමත් Read More

පෞද්ගලික ආරක්ෂක සේවා නියාමය කිරිම සඳහා නිර්ණායක සකස් කිරීම අවශ්‍යයි

යම් යම් පුද්ගලයින් තමන්ගේ ආරක්ෂාව උදෙසා පෞද්ගලික ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. පෞද්ගලික ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරන ඇතැම් පුද්ගලයින් හේතුවෙන් මහජනතාව යම් යම් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා Read More

විභාගය සමත් රැසකට ග්‍රාම නිලධාරි පත්වීම්

ග්‍රාම නිලධාරි විභාගය සමත් 2,238ක් ලබන පෙබරවාරි 04 දිනට පෙර බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පවසයි. 2021 වසරේ අයදුම්පත් යොමුකළ සුදුසුකම්ලත් අපේක්ෂකයන් සඳහා දෙසැම්බර් 02 වැනිදා විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගය පවත්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ග්‍රාම නිලධාරීන් සේවා ව්‍යවස්ථාව ඉතා කඩිනමින් සකස් කර එම නිලධාරීන්ගේ පවතින ගැටලු නිරාකරණය Read More

විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය මෙන්න

රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බවත්, ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවත් සඳහන් Read More

අයවැය යෝජනාවක පළමු අධියර නොච්චියාගමින් ඇරඹෙයි

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු Read More

බණ්ඩි පෝර 9000ට දෙන්න කැබිනට් අනුමැතිය

බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. රුපියල් 19,000කට අලෙවි කළ බන්ඩි පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීම සඳහා තමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුනු බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව රජයට අයත් Read More

t

o

p