පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් හෙට

October 14, 2024

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට පෙරවරු 9.30ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව අති අතර පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙය වේ.

ඒ අනුව හෙට දිනයේ දී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල තීරණය කිරීමට ද නියමිතය.

ඉන් අනතුරුව ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

මීට අමතරව මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

t

o

p