Foreign News

සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයට අදට වසර 23 ක්

අමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයේ 23 වන සංවත්සරය අදට යෙදී තිබේ. 2001 දී පැහැර ගන්නා ලද ගුවන් යානා නිව් යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුළුණුවල ගැටීමට සලස්වා විශාල සංඛ්‍යාවක් මරණයට පත්වූයේ අද වැනි දිනකයි. ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වයට සහ වොෂින්ටන් නුවර Read More

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබේ.එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මස්ලිබෲක් නගරයේ හා ඒ අවට ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වී තිබේ.භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 05ක් ගැඹුරින් සිදු වී ඇති අතර සිඩ්නි නගරයේ ජනතාවට ද එය දැනී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

රොනල්ඩෝගෙන් ඉතිහාසගත වාර්තාවක්

පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙයි. ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමඟ පැවැති තරගයේදී රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමගයි. ඔහු මෙහිදී සිය ස්වර්ණමය 900 වැනි ගෝලය රැස්කර ගැනිමෙන් අනතුරුව රොනාල්ඩෝ වඩාත් සංවේදී වී තිබුණි.

තෙල් මිල වාර්තාගත ලෙස පහලට

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් වල සීඝ්‍ර වෙනස්වීමක් දකින්නට ලැබෙයි. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් ඊයේ (04) පෙන්නුම් කරනු ලදි. එනම් බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත Read More

යුක්‍රේන ගුවන් හමුදාපති සේවයෙන් ඉවතට

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy විසින් එරට ගුවන් හමුදාපති Mykola Oleshchuk ව සේවයෙන් ඉවත්කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා ඇමරිකාවෙන් යුක්‍රේනයට ලබාදුන් F -16 ප්‍රහාරක යානයක් කඩා වැටී එරට ප්‍රධාන පෙළේ ගුවන් නියමුවෙක් මියයාම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි. රුසියාව යුක්‍රේනයට මෑත කාලයේදී එල්ලකළ දරුණුතම ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ලකරමින් සිටියදී එම යානය කඩා වැටී Read More

ෂැන්ෂාන් සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

දශක ගණනාවකට පසු ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුවක් හේතුවෙන් ජපානයේ දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කර තිබේ. පසුගිය අගෝස්තු 29 වනදා ජපානයේ නිරිතදිග ප්‍රදේශයට කඩා වැදුණු ෂැන්ෂාන් කුණාටුවෙන් පසු පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. ජපානයට ආපදා තත්ත්වයක් ඇති කළ මෙම සුළි කුණාටුව තවමත් පැයට කිලෝමීටර 90 වේගයෙන් පවතින Read More

ඇෆ්ගනිස්ථානයට භු කම්පන තත්ත්වයක්

ඇෆ්ගනිස්ථානයට භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය රික්‍ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් සිදුවී තිබෙන බවයි වාර්තා වෙයි. එම භූ කම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන තිබේ.

තුන්වන ලෝක යුද්ධයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

යුක්‍රේනයට යුද ආධාර ලබා දී රුසියාවට පහර දීමට ඉඩ සැලසීමෙන් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි බව රුසියාව විසින් අමෙරිකාවට අනතුරු අඟවා තිබේ. එසේ වුවහොත් එය යුරෝපයට පමණක් සීමා නොවන බව රුසියාව ප්‍රකාශ කරයි. යුක්‍රේනය පසුගිය 06 වනදා රුසියාවේ බටහිර කර්ස්ක් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කළ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එල්ල වූ විශාලතම ආක්‍රමණය Read More

Telegram CEO ප්‍රංශයේදී අත්අඩංගුවට

ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන Telegram සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Telegram යෙදවුමට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රංශය විසින් ගෙන තිබූ වරෙන්තුවට අනුව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන 39 Read More

ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉදිරි පැය 48 ක කාලය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයන් 300 කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබෙන නිසා බවයි වාර්තා වෙයි. ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර දියත් Read More

t

o

p