වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ, ගුම්මි පළාතේ ගඟක සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 64 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශකර තිබේ.
තම ගොවිබිම් වෙත ළඟාවීම සඳහා ගොවීන් 70ක් රැගත් ලී ඔරුවක් මෙලෙස පෙරලීගොස් තිබුණි.
පුද්ගලයින් 06 දෙනෙකුගේ පමණක් දිවි ගලවා ගැනීමට හැකි වී ඇති අතර පැය තුනක පමණ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කෙරූ බවයි එරට බලධාරීන් පවසයි.