නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

October 13, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්‍ ගාල්ල කොටුව සහ හම්බන්තොට ධීවර වරාය ආශ්‍රිත වෙරළ තීර කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ සහ කාවන්තිස්ස ආයතනයන්ගේ සහ දකුණු නාවික විධානයට අනුයුක්ත නෞකා හා යාත්‍රාවන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මඟින්, ගාල්ල කොටුව ආශ්‍රිත වෙරළ තීරයේ සහ හම්බන්තොට ධීවරය වරාය ආශ්‍රිත වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනලදි.

දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා ගේ අධීක්ෂණයෙන් පැවැත්වුණු මෙම වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ හා කාවන්තිස්ස ආයතනයන්හි සහ දකුණු නාවික විධානයට අනුයුක්ත නෞකා හා යාත්‍රාවන්හි ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී විය.

තවද, වෙරළ පිරිසිදු කිරීමට සමගාමීව වෙරළ ඛාදනය වැලැක්වීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවික හමුදා පුද්ගලයින් විසින් මූදිල්ලා පැල පහක් (05) රෝපණය කිරීම ද එහිදී සිදු කෙරුණි.

t

o

p