නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක්

October 13, 2024

තරුණ තරුණියන්ට නොමිලේ ජපන් භාෂා අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණි.

ජපානයේ යොෂියෝකා පදනම මගින් සංවිධාන කරන මෙම ජපන් භාෂා අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන්නේ කියෝදායි ලංකා සහ සන් ලංකා යන ආයතවල සම්බන්ධීකරණයෙනුයි.

දිවයිනේ අඩු ආදායම් ලාභී දරුවන් තෝරාගෙන එම දරුවන්ට ජපන් භාෂා අධ්‍යාපනය ලබාදී අනතුරුව ඔවුන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන තෙක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

ඊට අදාළ සමාරම්භක උත්සවය ගංගාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙන්ම මෙරට ජපන් අධ්‍යාපනය ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියි.

t

o

p