මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට

October 10, 2024

මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට කඩා වැදී ඇති අතර, එහි ටොනේඩෝ, ගංවතුර සහ කුණාටු ඇතිවීමේ අවදානම වැඩි කර තිබේ.

මේ නිසා මිලියන දෙකකට වැඩි නිවාස සහ ව්‍යාපාරවලට විදුලිය නොමැති අතර අත්ලාන්තික් වෙරළ තීරයේ මරණ ගණනාවක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

මිල්ටන් පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස මුළදී සඳහන් වූවත් මේ වන විට එය පළමු කාණ්ඩයට පහත හෙළා තිබේ.

නමුත් තවමත් ෆ්ලොරීඩාව පුරා විශාල විනාශයක් සිදු කරමින් ඉදිරියට ඇදෙන බවයි කාලගුණ බලධාරීන් පවසයි.

t

o

p