ඉතාලි නාවික හමුදාවේ යුද නෞකාවක් කොළඹ වරයාට

October 10, 2024

ඉතාලි නාවික හමුදාවේ යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරයාට ළඟා විය.

කොළඹ වරායේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සාම්ප්‍රධායිකව මෙම නැව පිළිගැනීම සිදුකරනලදි.

මීටර් 143ක් දිග මෙම ඉතාලි නෞකාව නිල වශයෙන් පිළිගැනීම බටහිර නාවික විධානයේ ආඥාපති රිය අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණි.

මෙම නෞකාවේ පැමිණි පිරිස දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගමන් කරමින් එම ස්ථාන නැරඹීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම පුහුණු අභ්‍යාසයකට එක්වීමට ද නියමිතයි.

t

o

p