කමිදු ලකුණු 150 සීමාව පසු කරයි

September 28, 2024

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය.

ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සමවෙමිනි.

ඔහු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදී අර්ධ ශතක 4ක් සහ ශතක 5ක් සමග ලකුණු 1,002ක් රැස්කර තිබේ.

කමිඳු සිය වාර්තාව තැබුවේ දැවැන්ත 6 පහරක් එල්ල කරමිනි.ඒ සමගම ශ්‍රී ලංකා ඉනිම නිම කිරීමට නායක ධනංජය ද සිල්වා තීරණය කළේය.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා සිටියේය.කමිඳු (නොදැවී ලකුණු 182) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 106) 6වන කඩුල්ල සඳහා ලකුණු 200ක් එක්කර තිබුණි.

t

o

p