කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) දින සවස විවෘත කර ඇති බව බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව මේ වන විට ජලය පිට කිරීම විදුලි උත්පාදනයේදී පිට කරන ජල පරිමාවද සමඟ තත්පරයට ඝන මීටර් 108 ක් කුඩා ගඟට මුුුදා හැරෙන බවයි ප්රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් බුලත්සිංහල පරගොඩ මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ තිබේ.