ශ්‍රී ලංකා රග්බි පොඩ්ඩෝ ආසියාවේ තුන් වැනියට

September 30, 2024

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස 18න් පහළ සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය.

තෙවන ස්ථානය සඳහා වූ තීරණාත්මක තරගයෙන් ඔවුන් විසින් සත්කාරක මැලේසියාව ලකුණු 17-14ක් ලෙස පරාජය කළේය.

ඊයේ ආරම්භ වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ලබාගත් අතර, එහිදී ඔවුන්ට තායිලන්තය (27-0) හා චීන තායිපේ (29-70 පහසුවෙන් පරාජය කිරීමට හැකිවිය.

එමෙන්ම ප්‍රබල හොංකොං රාජ්‍යයට එරෙහි තරගයද ලකුණු 17-17ක් ලෙසින් සම තත්ත්වයෙන් අවසන් කිරීමට හැකිවිය.

මෙම ජයග්‍රහණ හේතුවෙන් හොංකොං කණ්ඩායම අභිබවා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද ශ්‍රී ලංකාවට හැකිවිය.

t

o

p