කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර තිබේ.
එහිදී තීරු බදු රහිතව අබුඩාබි සිට ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි 45,000ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 47ක් වන හුණු මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ගුවන් තොටුපල ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.