ලංකාව ICC ටෙස් ලෝක ශූරතා ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි තැනට

September 23, 2024

ICC ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට පැමිණ තිබේ.

ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 63කින් ජයගැනීමත් සමඟය.

අද (23) දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියේය.

ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දවාගත යුතුවු අතර නවසීලන්තය ලකුණු 68ක් රැස්කරගත යුතුවුණි.

තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් අද දිනය ආරම්භ වූ අතර දිනය ආරම්භයේදීම රචින් රවීන්ද්‍ර දවාගත් ප්‍රභාත් ජයසූරීය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය.

ඒ අනුව නවසීලන්තය සිය දෙවන ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 211ක් රැස්කළ අතර ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 340ක් රැස්කළේය.

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරත්තේ ප්‍රභාත් ජයසූරියයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය සප්තැම්බර් 26 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වීමට නියමිතය.

t

o

p