පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනපති අනුර කියූ දේ

September 23, 2024

රටෙහි සමස්ත පද්ධතියේ වෙනසක් අවශ්‍ය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23) මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

“විශේෂයෙන්ම අපි අපේක්ෂා කරනවා තනි පුද්ගලයෙක්ට මෙය වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එක තැනක වෙනසක් නෙවෙයි අවශ්‍ය වී තියෙන්‌‌නේ. පද්ධතියේම වෙනසක්. ඒ පද්ධතියේම වෙනසක් ඇති කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, හැම පද්ධතියටම සම්බන්ධවෙලා තියෙන හැමදෙනාගේම සහායෙන්. ආර්ථික වෙනසක් ඇති කරන්න කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්ගේ සහාය අවශ්‍යයි. නීතියේ වෙනසක් ඇති කිරීමට ඒ සඳහා ඊට අදාළ වෘත්තීයවේදීන්ගේ සහාය අවශ්‍යයි. රට පරිවර්තනය කරන්න නම් හැම ක්ෂේත්‍රයේ අයගේම සහාය අවශ්‍යයි. ඒ සහාය ලබාගැනීම තමා අපේ අරමුණ වෙලා තියෙන්නේ.

මාධ්‍යවේදීයා – ඔබතුමා ප්‍රකාශ කළ ලැබිච්ච මුල් අවස්ථාවේදී පාර්ලමේන්තුව විසුරුවා හරිනවා කියලා.? ඔබතුමා කියලා තියෙනවා 150ක් ආයෙත් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියලා

අනුර කුමාර දිසානායක – ලිහලා බලන්න තියෙන මල්ල, ඔබලා බලන්න ඔනේ නැහැ. දවස් දෙකක් වගේ බලාගෙන ඉන්න.”

t

o

p