වෙසක් සැරැසිලිවලට ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙසට ඉල්ලීමක්

May 15, 2024

එළඹෙන වෙසක් සමයේ සිදු කරන විවිධාකාර සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වෙළඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික් වලින් නිම කරනු ලබන නොයෙකුත් වෙසක් සැරසිලි මේ දිනවල දක්නට ලැබෙන බවත් එහෙත් එවැනි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී විකල්ප රාශියක් ඇති බැවින් ඒවා උපයෝගි කර ගන්නා ලෙස එම මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් පවසයි.

2017 වසරේදී රජය මගින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව පොලිතින් නිෂ්පාදන තහනම් කර ඇති බවද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

t

o

p