ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා-වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

May 15, 2024

ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පවරපු නඩුවකදි ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම සංකූලතා දුලබව ඇතිවන බව පිළිගත් දෙයක් බවත් එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කාරණයක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේ සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බව පැවසූ විජේවික්‍රම මහතා එන්නත් ගත් කාලයේදී ඇති වූ සංකූලතාවක් පමණක් බවත් ඒ නිසා එන්නතෙන් එවැනි අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැති බවද ඔහු පවසා සිටියි.කොවිඩ් වසංගතය පාලනය සඳහා නිපදවූ එන්නත් මගින් කොවිඩ් රෝගය මැඩපැවැත්වීමට ලබාදුන්නේ විශාල සහායක්.

කෙසේවෙතත් එන්නත බෙදාහැරීම ඇරඹී වසර තුනකට පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේදී තීරණය කළේ රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බවට එම ආයතනය බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමෙන් පසුවය.

කොවිඩ් පාලනය ලබාදුන් එන්නත මගින් රුධිරය කැටි ගැසීම සහ රුධිර පට්ටිකා අඩුවීම යන තත්ත්වයන් එකතුවීමෙන් ඇතිවන දුර්ලභ සංකූලතාවයන් ඇති වන අතර මේ නිසා ආඝාතය, මොළයට හානි වීම, හෘදයාබාධ, පෙනහලු ආබාධ, ශරීරාංග ඉවත් කිරීම වැනි ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව වාර්තා වී තිබේ.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බවයි.

t

o

p