කොරෝනා මඬින්න ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක්

March 14, 2020

කොරෝනා වෛරසය පැතිරයෑම වැළැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නියමයෙන් තීරණ රැසක් ගෙන ඇත.

ආණ්ඩුව ජනවාරි මස සිට අනුගමනය කළ ක්‍රියාමර්ග රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල වූ අතර වෛරසය පැතිර ගිය රටවල් සළකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බළකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් ම සිටී.

එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියළු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

t

o

p