වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකු නිරෝධායන ක‍්‍රියාවලියට විරෝධය පෑ දෙදෙනෙක් බව හෙලිව තිබේ.
ගුවන්තොටුපලේ දී නිරෝධායනය ක්‍රියාවට විරෝධය පළ කරමින් ආවේගශීලීව හැසිරුණු පිරිස් අතර මෙම පුද්ගලයන් දෙදෙනාද වන බව තහවුරු වී ඇත.
ඔවුන්ගෙන් එක් අයෙක් මේ වන විට කොළඹ ජාතික උණ රෝහලේ හා අනෙක් පුද්ගලයා පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.