ලෝක පාසැල් චෙස් ශූරයෝ පැමිණෙයි

May 13, 2024

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද(13) ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි.

රන් පදක්කමක් , රිදී පදක්කමක් , ලෝකඩ පදක්කම් 03 ක් සහ බිලිට්ස් ඇතුළු විශේෂ තරග සඳහා පදක්කම් 04 ක් ද දිනා ගැනීමට ඔවුන් සමත්ව සිටියි.

මෙම තරගාවලිය ඉකුත් පසුගිය පසුගිය මස 28 දින සිට රටවල් 27 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,400 කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාසැල් චෙස් ක්‍රීඩකයින් පිරිස අද (13) දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා එම සිසුන්ගේ දෙමාපියන් , ගුරුවරුන්, සිසු සිසුවියන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියි.

t

o

p