පාරම්පරික දේශීය වෛද්‍යවරු 51කට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දෙයි

May 13, 2024

සුදුසුකම් ලත් පාරම්පරික දේශීය වෛද්‍ය වෘත්තිකයන් 51දෙනකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමේ උත්සවයක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතන (NITM) ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

එහිදී දිවයින පුරා සිටින පාරම්පරික සර්වාංග වෛද්‍යවරුන් 13ක්, කැඩුම් බිඳුම් වෛද්‍යවරුන් 30ක්, චර්ම රෝග වෛද්‍යවරුන් 03ක්, ගෙඩි වන වෛද්‍යවරයකු, දැවුම් පිලිසුම් වෛද්‍යවරයකු හා සර්ප විෂ වෛද්‍යවරුන් 03දෙනකු ඇතුළු වෛද්‍යවරුන් 51දෙනකු සඳහා මෙසේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම සිදු විය.

මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි වෛද්‍ය අජිත් කුමාර, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ විමර්ශන චතුරංග, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති අනුර ඇතුළත්මුදලි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

t

o

p