ජපන් වාහන ආනයනය ගැන දැනුම්දීමක්

May 13, 2024

වාහන අපනයන කිරීමට රජය යළි අවසර දුන්න ද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බව ජපානයේ වාහන අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ජගත් රාමනායක පවසයි.

ඔහු පැවසුවේ මෙම තත්ත්වයට හේතුව ශ්‍රී ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ජපාන බැංකු පද්ධතිය වෙත මේවන විටත් උපදෙස් ලැබී ඇති නිසා එම තීරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවිය හැකි බවයි.

ඒ, හේතුවෙන් යළි ජපානයෙන් වාහන ගෙන්වීමේ දී සැලකිය යුතු කාලක් ගතවිය හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට වාහන අපනයන කිරීම සඳහා විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ශ්‍රී ලංකා රජය ජපාන බැංකු පද්ධතිය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. මේනිසා මේවන විට ජපානයේ බැංකුවලින් පහසුවෙන් මුදල් නිදහස් කරගැනීමට නොහැකිවේ. ශ්‍රී ලංකාව හෙට යළි වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දුන්නත් මෙම ණයවර ලිපි ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට නිල වශයෙන් එම බැංකු පද්ධතිය දැනුවත් කළ යුතුයි. මේ සඳහා යම් කාලයක් ගතවන නිසා ඉක්මනින් යළි වාහන ගෙන්වීමේ හැකියාවක් නැහැ.”

ශ්‍රී ලංකාවේ බොහෝ නීති රීති පැය 24ක් තුළ වෙනස් කෙරෙන බවත්, එවැනි තත්ත්වයන් තුළ මෙවැනි ව්‍යාපාරවල දී බොහෝ අසීරුතා පැන නගින බවයි ඔහු පැවසුවේ.

t

o

p