මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධිනත්වය පිළිබඳව විශ්වාසය නැති කරන්න එපා

මැතිවරණ කොමිෂන් සභාවට නිරපරාදයේ චෝදනා කරමින් එහි ස්වාධිනත්වය පිළිබඳව ජනතාවට ඇති විශ්වාසය නැති කරන්නට එපා යැයි එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මහා මැතිවරණ අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය. මැතිවරණ කොමිසම බිල්ලෙක් ලෙස හුවා දක්වා ස්වාධීන කොමිෂන් සභා වලට අත තැබීමට රජය උත්සාහ දරමින් සිටින බව කී සේනානායක මහතා දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් Read More

දන්සැල් හෝ වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට කිසිඳු අනුමැතියක් නැහැ

පොසොන් පොහොය නිමිති කර ගනිමින් දන්සැල් සංවිධාන කිරීමට කිසිදු අනුමැතියක් දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් උපදෙස් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.   කොන්දේසි සහිතව දන්සැල් සංවිධානය කිරීමට හෝ වියළි ආහාර බෙදා දෙන දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් දී නොමැති බව එම සංගමය දැනුම් දී සිටියි.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලීමක් සිදු නොකලේ වෙනත් මතයක සිටි නිසයි

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළේ තම පක්ෂය ඒ කරුණ සම්බන්ධයෙන් වෙනත් මතයක සිටි නිසා යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3)පැවසී ය . එක්සත් ජාතික Read More

තැපැල් ඡන්දය පහසුකම සදහා ලියාපදිංචිය 2020 මහා මැතිවරණය

පුරවැසියෙකු ලෙස ද, හිටපු ආණ්ඩුකාරවරයෙකු ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ ඉක්මන් අවධානය සදහා යොමු කරමි. සාමාන්‍ය යෙන් ජාතික මැතිවරණයක දී රාජ්‍ය සේවකයින් ලක්ෂ හතකට වැඩි පිරිසක් තැපැල් ඡන්දය සදහා සුදුසුකම් ලබති. 2019 ජනාධිපතිවරණයේ 559, 514 දෙනෙකුට තැපැල් ඡන්ද හිමිකම් ලැබූ අතර, මාගේ මතකය ආසන්න වශයෙන් තැපැල් ඡන්දය 60,000 ක් පමණ තාක්ෂණික හේතු මත ප්‍රතිකේෂප වූ Read More

අද රාත්‍රියේ සිට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

අද රාත්‍රී 10.00 සිට ලබන සෙනසුරාදා අලුයම 4.00 දක්වා සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැණවීමට නියමිතය. ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරි නීතිය බලාත්මක වනුයේ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. හෙට (04) දිනයේ දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු Read More

ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවයි

ඉන්දියාවේ කොවිඩ්-19 වෙරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවා ගොස් තිබේ. එම ආසාදිතයින් අතුරින් පුද්ගලයින් එක් ලක්ෂ 285 දෙනෙකු සුවය ලබා තිබේ. ඉන්දියාව තුළ පුද්ගලයින් 5,829 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කොරෝනා ආසාදිතයින් ගණන 1683 දක්වා ඉහලට

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. පුද්ගලයින් 849 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි. මෙරට ‍කොරෝනා මරණ 11 ක් මේ වන විට සිදුව තිබේ.

පළගැටි උවදුර මැඩපවත්වන්න කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍යයි

වගාවන්හි මේවනවිට පැතිර යන පළගැටි උවදුර මැඩපැවැත්විම සඳහා රජය විසින් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

අමෙරිකානු ජාතිකයාගේ මරණය ඝාතනයක් බව හෙළි වෙයි

පොලිස් අත්අඩංගුවේ දී මියගිය අමෙරිකානු සම්භවයක් සහිත අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඝාතනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ. නිල මරණ පරීක්ෂණ වාර්තාවෙන් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදි අනාවරණය වී ඇත්තේ ඔහුගේ ගෙළ සිරවීමෙන් ශ්වසනය කිරීමට නොහැකිව මරණය සිදුව ඇති බවයි.

t

o

p