මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධිනත්වය පිළිබඳව විශ්වාසය නැති කරන්න එපා

June 4, 2020

මැතිවරණ කොමිෂන් සභාවට නිරපරාදයේ චෝදනා කරමින් එහි ස්වාධිනත්වය පිළිබඳව ජනතාවට ඇති විශ්වාසය නැති කරන්නට එපා යැයි එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මහා මැතිවරණ අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමිසම බිල්ලෙක් ලෙස හුවා දක්වා ස්වාධීන කොමිෂන් සභා වලට අත තැබීමට රජය උත්සාහ දරමින් සිටින බව කී සේනානායක මහතා දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය වු මෙම කොමිෂන් සභා රටේ ජනතාව දිනා ගත් අයිතියක් බවද පැවැසීය.

ස්වාධීන කොමිෂන් සභා වර්තමාන රජයට වහ කදුරු බවට පත්ව ඇතැයි පැවසු සේනානායක මහතා ජනතාවගේ පරම අයිතිය රකින මෙම කොමිෂන් සභා ස්ථාපිත කලේ එක්සත් ජාතික පක්‍ෂ රජය විසින් නොව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒකමතික අනුමැතිය යටතේ බවද සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

අංජුල මහික වීරරත්න

t

o

p