අප්‍රිකානු කලාපයේ වගා බිම් විශාල ලක්ෂ ගණනාවක් විනාශ කර ඇති කාන්තාර පලගැටියා සේ සැලකෙන මෑතකදී වයඹ පළාතෙන් හමු වූ පලගැටියා මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම හමුවී ඇත.
මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද, පුහුල්වැල්ල, දන්දෙණිය, දික්වැල්ල ප්‍රදේශවලින් මෙම පළඟැටියන් දක්නට ලැබෙන බව ප්‍රදේශයේ කෘෂිකර්ම බලධාරීන් සඳහන් කරති.
පලගැටියන් පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද ඉකුත් දිනවල දී එම ප්‍රදේශවල සිදුකර තිබේ.
කෘෂිකර්ම බලධාරීන් ඉල්ලා සිටින්නේ රටේ කවර ප්‍රදේශයක මෙම පලගැටියන් දක්නට ලැබුණ හොත් වහා කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කරන ලෙසයි.