ලක්ෂ 25ක් වටිනා දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

May 15, 2024

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා මෙරටට රැගෙන ආ පුද්ගලයා ද ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (15) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෙළඳ ව්‍යාපාරිකයෙකි.

මොහු ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඊයේ (14) දින රාත්‍රී 10.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 172 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේ පැමිණි ඔහු අද (15) දින අලුයම් කාළය වන තෙක් ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රැදී සිටි ගුවන් තොටුපොළෙන් පිටවීමට තැත් කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට පත් වී තිබේ.

මොහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 21,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 105 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 22වැනි දින මෙම ව්‍යාපාරිකයා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

t

o

p