Local News

සංවර්ධන ලොතරැයි මුද්‍රණ කොන්ත්‍රාත්තුව සමාගම් 3කට

සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම සඳහා ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර්බෝල්, ජයෝදා, කප්රුක සහ සසිරි යන ලොතරැයිපත් මුද්‍රණය සහ සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව වසරක කාලයක් සඳහා ලොතරැයිපත් Read More

සියලුදෙනා සහාය නොදැක්වුවහොත් රට යළි අර්බුදයකට පත්වන බව ජනපති කියයි

නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි. සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ Read More

පළාත් 06ක ඩෙංගු අවදානම ඉහළට

2024 ජනවාරි මාසයේ සිට ජුනි මාසය තෙක් මෙරටින් ඩෙංගු රෝගීන් 27,121ක් වාර්තා වී තිබේ. බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 10,098ක්, උතුරු පළාතෙන් 4,488ක්, මධ්‍යම පළාතෙන් 2,482ක්, වයඹ පළාතෙන් 1,932ක්, දකුණු පළාතෙන් 1,995ක් සහ සබරගමු පළාතෙන් 2,750ක් ලෙසයි වාර්තා වී ඇත. එමෙන්ම මේ වසරේ (2024) ගත වූ කාලය තුළ සිදුව ඇති ඩෙංගු රෝගී මරණ ගණන 9ක්. මේ Read More

2024 උසස් පෙළට අයදුම්පත් කැඳවයි

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවා තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ; මෙම විභාගය සඳහා ඉල්ලුම් කළ යුත්තේ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ පමණක් බවයි. අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/යන යෙදුමෙහි ඇතුළත්. නැතහොත් මාර්ගගත වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/eic මගින් හෝ දෙපාර්තමේන්තුවේ Read More

පොසොන් වෙනුවෙන් රැඳවියන් 289ක් නිදහස් කෙරේ

පොසොන් පොහොය නිමිත්තෙන් ඊයේ(21) දිනයේ දී බන්ධනාගාරගත සිරකරුවන් 289 දෙනෙකු නිදහස් කර තිබේ. එලෙස නිදහස් කළ සිරකරුවන් 289 අතරින් සය දෙනෙකු කාන්තාවන් බවයි වාර්තා වෙයි. මේ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක තහවුරු කරනලදි. මේ අතර ඊයේ දිනයේ දී පොසොන් පොහොයට සමගාමී ව බන්ධනාගාරගත රැඳවියන්ව සිය ඥාතීන්ට විවෘත ව හමුවීම් අවස්ථාවක් ලබා දී තිබේ.

ණය තිරසරභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චීනයේ සහාය අඛණ්ඩවම

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපකාර කරන ආකාරයටම ණය තිරසාරභාවය ළඟා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා බීජිං නුවරදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කර ඇත. චීනය සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා චීන අගනුවර පැවති රාජ්‍යතාන්ත්‍රික උපදේශන වටය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් Read More

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම කාර්යක්ෂම කිරීමට ජංගම වැඩසටහනක්

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ. ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගම තුළට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් Read More

යොවුන් ව්‍යවසායකත්වයට සහාය දීම සඳහා වැඩපිළිවෙළක්

පොදු රාජ්‍ය මණ්ඩලීය සංකේතාත්මක සම්මේලනයේ සභාපති ආචාර්ය අම්රී නිසාම් මහතා ඇතුලු එම දූත පිරිස ක්‍රීඩා අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හමුවිය. ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල දුත පිරිසක් ද එක්විය.මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා චීන භෞත චිකිත්සක ක්‍රම හදුන්වාදීම පිළිබඳ සාකච්ඡා කරනලදි. එමෙන්ම යොවුන් ව්‍යවසායකත්වයට අතහිත දීම සඳහා Read More

EPF ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක්

මහබැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නිර්දේශ කළේය. කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සදහා රජයේ ගිණුම් පිළිබඳ කාරක Read More

ශ්‍රී පාදයට ඉතා ආසන්න සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක්

නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයට ඉතා ආසන්න සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් ඇතැයි නල්ලතන්නිය ප්‍රදේශවාසීහු චෝදනා කරයි. ඊට විරෝධයක් ඇත්නම් ප්‍රකාශ කරන ලෙස නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රදර්ශනය කිරීමට 320/බි සීත ගගුල වසමේ ග්‍රාමසේවා නිලධාරිනියට ලබාදුන් දැන්වීම එම කාර්යාලයේ හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය නොකල බවට ද ඔවුහු පවසයි.

t

o

p