ශ්‍රී පාදයට ඉතා ආසන්න සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක්

June 21, 2024

නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයට ඉතා ආසන්න සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීමේ සූදානමක් ඇතැයි නල්ලතන්නිය ප්‍රදේශවාසීහු චෝදනා කරයි.

ඊට විරෝධයක් ඇත්නම් ප්‍රකාශ කරන ලෙස නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රදර්ශනය කිරීමට 320/බි සීත ගගුල වසමේ ග්‍රාමසේවා නිලධාරිනියට ලබාදුන් දැන්වීම එම කාර්යාලයේ හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය නොකල බවට ද ඔවුහු පවසයි.

t

o

p