සංවර්ධන ලොතරැයි මුද්‍රණ කොන්ත්‍රාත්තුව සමාගම් 3කට

June 22, 2024

සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම සඳහා ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර්බෝල්, ජයෝදා, කප්රුක සහ සසිරි යන ලොතරැයිපත් මුද්‍රණය සහ සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇත.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව වසරක කාලයක් සඳහා ලොතරැයිපත් මුද්‍රණය සහ සැපයීමේ කොන්ත්‍රාත්තුව Toppan Forms (Colombo) Ltd., DPJ Holdings (Pvt) Ltd. සහ Grand Export (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

t

o

p