සියලුදෙනා සහාය නොදැක්වුවහොත් රට යළි අර්බුදයකට පත්වන බව ජනපති කියයි

June 22, 2024

නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

“අමාරු කාලයේ රජයේ ආයතන කඩා වැටුණු අවස්ථාවේ දී ඔබ ඉදිරියට ඇවිත් මේ වගකීම ඉටු කළේ. ඒ කාලේ ඖෂධ තිබුණේ නෑ. ඖෂධ තිබුණත් සල්ලි තිබුණේ නෑ. පැනලා ගියා නම් රට කඩා වැටෙනවා. තමන් තමන්ගේ යුතුකම ඉෂ්ට කළා. ඒකයි අපි රටේ හැම එක්කෙනාගෙන්ම බලාපොරොත්තු වෙන්නේ. අවාසනාවකට ඒක සිදුවන්නේ නෑ. ඔබතුමන්ලා කොහොම ද පැනලා දුවන්නේ කියලා දන්නේ නෑ. මම කොහොම ද පැනලා දුවන්නේ කියලා දන්නේ නෑ. රට භාරගත් අවස්ථාවේ දී මට මතකයි එදා තිබුණ හිඟය. එදා අපිට බෙහෙත් ගේන්න විදේශ විනිමය නෑ. පොහොර ගේන්න විදේශ විනිමය නෑ. තෙල් ගේන්න විදේශ විනිමය නෑ. ආණ්ඩුවේ මුදල් නෑ. එහෙම තත්ත්වයක් තිබුණේ. මොකද්ද දෙන්නේ කියන එක හරි අමාරු තීරණයක්. පසුගිය කාලය තුළ දී අමාරු තීරණ ගොඩක් ගන්න වුණා. වැට් වැඩිකරනවා ද නැද්ද? වැට් වැඩි කරපු මාස දෙකේ බැනුම් අහපු හැටි. ඒත් රුපියල ස්ථාවර වුණ නිසයි අපි අද මෙතැන ඉන්නේ.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“IMF සංවිධානය සමග දෙවැනි වටයේ අධ්‍යක්ෂ මණ්ඩලය සාකච්ඡා කරලා අපි මෙතෙක් කල් ගෙනියන වැඩසටහනත් හරි අනාගතයේ ගෙනියන එකත් හරි කියලා යෝජනා කළා. අපි යම් තත්ත්වයකට ඇවිල්ලා. මෙතැන ඉඳන් ණය ගෙවන්න ආපහු. දැනට අපි චීනය එක්ක කතා කරනවා මේ වැඩ අවසන් කරන්න. එන සුමානේ පැරිස් සංගමයේ සහ එයට අයිති නොවන රටවලුත් හම්වෙලා දෙකම එකතු වෙලා OCC නිල වශයෙන් ණයදෙන අයගේ කමිටුව සමග සාකච්ඡා කරන්න. එතැන එකඟත්වයට ඇවිත් වැටුණ වළෙන් එළියට එන්න බලන්නේ. එළියට ආවා කියලා හිතන්න එපා ගමන ඉවරයි කියලා. අපි මේක හැදුවේ නැත්නම්, අලුත් ආර්ථිකයකට ගියේ නැත්නම් අපි ආපහු වැටෙනවා. දෙවැනි වතාවටත් අපි එතැනට යන්න ඕනේ ද?”

t

o

p