පළාත් 06ක ඩෙංගු අවදානම ඉහළට

June 22, 2024

2024 ජනවාරි මාසයේ සිට ජුනි මාසය තෙක් මෙරටින් ඩෙංගු රෝගීන් 27,121ක් වාර්තා වී තිබේ.

බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 10,098ක්, උතුරු පළාතෙන් 4,488ක්, මධ්‍යම පළාතෙන් 2,482ක්, වයඹ පළාතෙන් 1,932ක්, දකුණු පළාතෙන් 1,995ක් සහ සබරගමු පළාතෙන් 2,750ක් ලෙසයි වාර්තා වී ඇත.

එමෙන්ම මේ වසරේ (2024) ගත වූ කාලය තුළ සිදුව ඇති ඩෙංගු රෝගී මරණ ගණන 9ක්.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ වයඹ, දකුණ, සබරගමුව හා මධ්‍යම පළාත්වල ද ඩෙංගු පැතිරයාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

t

o

p