ණය තිරසරභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චීනයේ සහාය අඛණ්ඩවම

June 22, 2024

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපකාර කරන ආකාරයටම ණය තිරසාරභාවය ළඟා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා බීජිං නුවරදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කර ඇත. චීනය සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා චීන අගනුවර පැවති රාජ්‍යතාන්ත්‍රික උපදේශන වටය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් එම ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික උපදේශනවල 13 වැනි වටය බීජිං නුවරදී සාර්ථකව අවසන් වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට එක් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

චීනය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා උපරිමයෙන් සහයෝගය දී ඇති බවට චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා මේ මාධ්‍ය හමුවේදී පෙන්වා දී ඇති අතර, ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට සහය වීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට සූදානම් බවද සඳහන් කර තිබේ.

t

o

p