පොසොන් වෙනුවෙන් රැඳවියන් 289ක් නිදහස් කෙරේ

June 22, 2024

පොසොන් පොහොය නිමිත්තෙන් ඊයේ(21) දිනයේ දී බන්ධනාගාරගත සිරකරුවන් 289 දෙනෙකු නිදහස් කර තිබේ.

එලෙස නිදහස් කළ සිරකරුවන් 289 අතරින් සය දෙනෙකු කාන්තාවන් බවයි වාර්තා වෙයි.

මේ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක තහවුරු කරනලදි.

මේ අතර ඊයේ දිනයේ දී පොසොන් පොහොයට සමගාමී ව බන්ධනාගාරගත රැඳවියන්ව සිය ඥාතීන්ට විවෘත ව හමුවීම් අවස්ථාවක් ලබා දී තිබේ.

t

o

p