යොවුන් ව්‍යවසායකත්වයට සහාය දීම සඳහා වැඩපිළිවෙළක්

June 21, 2024

පොදු රාජ්‍ය මණ්ඩලීය සංකේතාත්මක සම්මේලනයේ සභාපති ආචාර්ය අම්රී නිසාම් මහතා ඇතුලු එම දූත පිරිස ක්‍රීඩා අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හමුවිය.

ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල දුත පිරිසක් ද එක්විය.මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා චීන භෞත චිකිත්සක ක්‍රම හදුන්වාදීම පිළිබඳ සාකච්ඡා කරනලදි.

එමෙන්ම යොවුන් ව්‍යවසායකත්වයට අතහිත දීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට නියමිතයි.

චීන ශ්‍රී ලංකා යොවුන් හුවමාරු වැඩසටහන් තුළින් අන්තර් සංස්කෘතික අවබෝධය ඔස්සේ ප්‍රතිලාභ ලබන යෞවනයන් සහිත අනාගත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වැදගත් යෝජනා කිහිපයක්ම සාකච්ඡා විය.

t

o

p