Local News

කැළණි තිස්සෙන් මෙගාවොට් 165 ක් යළිත්

කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වේ. මෙහිදී මෙගාවොට් 165 ක් යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම බලාගාරය අක්‍රියව පවති.

රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු යුද හමුදාවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු වෙනස් කර තිබේ. ඒ ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිටය. මේ අනුව එම මුද්‍රණ කටයුතු යුද හමුදාවට භාරදීමට සැලසුම් කර තිබේ. දැනට පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය යුද Read More

බන්ධනාගාර රැඳවියෙකු ගෙල වැලලාගෙන මිය යයි

කළුතර සිරිලන්ද බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ. අදාල පුද්ගලයා ගෙන වැලලාගෙන මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි මියගිය පුද්ගලයා ලුනාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහු බන්ධනාගාර ගත කර තිබිණි.

කොවිඩ් දෙවන රැල්ලක අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නෑ

කොවිඩ්-19 දෙවන රැල්ලක අවදානම මුළුමනින් ම රටෙන් පහව ගොස් නැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් කොවිඩ් දෙවන රැල්ලක තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවයි. මේ හේතුවෙන් නොසැලකිලිමත්කම සහ නොතකා හැරීම් වෙනුවට සැම Read More

නුදුරේදීම මත්ලෝලීන්ට මතට තිත

මේ වනවිට රට පුරා අස්සක් මුල්ලක් නෑර මත්කුඩු තොගපිටින් අත් අඩංගුවට ගන්නවා. ඉතාම නුදුරු දිනයක මත්ලෝලීන්ට මත්කුඩු මිලට ගැනීමට තැනක් නැතිවෙනවා. අන්න එදාට අපේ රටේ මතට ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන්ම මතට තිත තියන්නම වෙනවායැයි දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයූර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය ඇමැති නීතීඥ සිසිර ජයකොඩි මහතා කිරිබත්ගොඩ රෝයල් ගාර්ඩ්න් හෝටලයේ පැවැති පුනර්ජීවනී Read More

දේශිය කර්මාන්තකරුවන්ගේ දත්ත රැස් කරයි

ශ්‍රී ලංකාවේ දේශිය අත්යන්ත්‍ර නිෂ්පාදකයින්,බතික් කර්මාන්තයේ නියැළි සිටින්නන් හා දේශිය වශයෙන් නිමි ඇඳුම් නිෂ්පාදකයින්ගේ දත්ත එක් රැස් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ඊට තොරතුරු ලබා දෙන ලෙසත් බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර සිටියි. බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශිය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඉදිරි Read More

වනාතවිල්ලුවේ කැළය මාසයකදී වවන්න උපදෙස්

ජාවාරම්කරුවන් පිරිසක් විසින් කපා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමිය නැවත තිබු ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිමට උපදෙස් දුන් බව වනජිවි හා වන සංරක්ෂණ ඇමති සි.බි .රත්නායක මහතා පැවසිය . ඇමතිවරයා මේ බව පවසා සිටියේ සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන කුරටියාමොට්ට ප්‍රදේශයේ වනය බැලීමට පැමිණි අවස්ථාවේදිය.

පලාත් සභා ඡන්ද ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් සම්මත කරයි

පළාත් සභා සඳහා වන ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු යැයි යන යෝජනාවක් වලල්ලාවිට ප්‍රාදේශීය සභාව විසින් සම්මත කර තිබේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් අද දිනයේ ඡන්ද විමසීමක් සභාවේදී පැවැත්වී ඇත. එහිදී පැමිණ සිටි මන්ත්‍රීන් 23 දෙනාගෙන් දෙදෙනෙකු අකමති වී ඇති අතර සෙසු 21 දෙනාම යෝජනාවට පක්‍ෂ වී තිබේ. මෙම ප‍්‍රාදේශීය සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ Read More

සෝමාවතිය ගොවි පිරිසක් විරෝධතාවක

වසර 200කට අධික කාලයක් වගා කටයුතු කළ වේරෝඩ යාය සහ විලාඩිමඩු කුඹුරුයාය කුඹුරු අක්කර 585ක වගා කටයුතු කළ ගොවීන් 218 දෙනකු එම ස්ථානයෙන් පොලොන්නරුව අධිකරණය විසින් ඉවත් කිරීමට එරෙහිව තඹාල, සුංගාවිල සහ විරපුර ගොවීහු පිරිසක් තඹාල නගරයේ දී නිහඬ විරෝධතාවක නිරත වූහ. මෙම විරෝධතාව සඳහා ගොවීන් 500ක් පමණ තඹාල නගරයට රැස්ව පැයක පමණ විරෝධතාවක යෙදී Read More

යතුරුපැදි සහ ත්‍රිරෝද රථත් හෙට(16) සිට වමෙන් යා යුතුයි

කොළඹ නගරයේ ක්‍රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම (වම් පස මංතීරුව) යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ යුතු බව පොලිසිය පවසයි. මංතීරු නිතිය ඊයේ දිනයේදී සිට ක්‍රියාත්මක කෙරුණ අතර එය සාර්ථකවූ බවයි පොලිසිය සඳහන් කරයි.

t

o

p