මේ වනවිට රට පුරා අස්සක් මුල්ලක් නෑර මත්කුඩු තොගපිටින් අත් අඩංගුවට ගන්නවා.
ඉතාම නුදුරු දිනයක මත්ලෝලීන්ට මත්කුඩු මිලට ගැනීමට තැනක් නැතිවෙනවා.
අන්න එදාට අපේ රටේ මතට ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන්ම මතට තිත තියන්නම වෙනවායැයි දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයූර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය ඇමැති නීතීඥ සිසිර ජයකොඩි මහතා කිරිබත්ගොඩ රෝයල් ගාර්ඩ්න් හෝටලයේ පැවැති පුනර්ජීවනී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවේ සමාරම්භක රැස්වීමේදී පැවැසීය .