කොවිඩ් දෙවන රැල්ලක අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නෑ

September 17, 2020

කොවිඩ්-19 දෙවන රැල්ලක අවදානම මුළුමනින් ම රටෙන් පහව ගොස් නැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් කොවිඩ් දෙවන රැල්ලක තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවයි.

මේ හේතුවෙන් නොසැලකිලිමත්කම සහ නොතකා හැරීම් වෙනුවට සැම මොහොතකම පූර්ණ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ ස්වයං විනයක් පවත්වා ගැනීමට සියලුදෙනා වගබලාගත යුතු බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

t

o

p