පලාත් සභා ඡන්ද ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් සම්මත කරයි

September 16, 2020

පළාත් සභා සඳහා වන ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු යැයි යන යෝජනාවක් වලල්ලාවිට ප්‍රාදේශීය සභාව විසින් සම්මත කර තිබේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අද දිනයේ ඡන්ද විමසීමක් සභාවේදී පැවැත්වී ඇත.

එහිදී පැමිණ සිටි මන්ත්‍රීන් 23 දෙනාගෙන් දෙදෙනෙකු අකමති වී ඇති අතර සෙසු 21 දෙනාම යෝජනාවට පක්‍ෂ වී තිබේ.

මෙම ප‍්‍රාදේශීය සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දරයි.

t

o

p