Foreign News

G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද සිට ඇරඹෙයි

G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද (13) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. විදෙස් මාධ්‍ය වර්තා කළේ, මේ මස 15 දින දක්වා ඉතාලියේ සභාපතීත්වයේන් ඉතාලියේ පූලියා හි සමුළුව පැවැත්වීමට නියමිත බවයි. මෙවර G 7 නායකයින් යුක්‍රේන, මැදපෙරදිග සහ ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු කලාපීය ගැටලු සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ආර්ථික ආරක්ෂාව, කෘත්‍රිම බුද්ධිය, දේශගුණික විපර්යාස Read More

මෝදි අගමැති ධුරයේ දිවුරුම් දෙයි

සති හයක කාලයක් පුරා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනලදි. අප්‍රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ ජුනි මස පළමුවන දින දක්වා පැවැත්විය. මැතිවරණයේ ප්‍රතිඵල ජුනි 4 වනදා නිකුත් කෙරුණු අතර නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 293ක් Read More

ඉන්දීය මහමැතිවරණයෙන් මෝදි දිනයි

ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධානය ජයග්‍රහණය කර තිබේ. එහෙත් අවසන් ප්‍රතිඵලය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නොමැත. මේ අතර භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට ජනතාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට ස්තූතිය පුදකළේය.

ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට ඇතුළුවීමේ වීසා බලපත්‍රය නොමිලේ

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අමුත්තන් ඇතුළු සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්‍රවර්ධනයන් අනුමත කර තිබේ. එම වැඩපිළිවෙළේ කොටසක් ලෙස, ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට ඇතුළුවීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර දින 60ක් දක්වා රැඳී සිටිය හැකිය. බැංකොක් පෝස්ට් පුවත්පතට අනුව, අන්තර්ජාතික සංචාරකයන් සඳහා තායිලන්තයේ ආකර්ෂණය වැඩි දියුණු කිරීමේ උත්සාහයේ Read More

පැපුවා නිව්ගිනියාවේ නායයාමෙන් පුද්ගලයින් 670 දෙනෙකු මරුට

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ දැවැන්ත නායයාමෙන් පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැකපළ කර තිබේ. පසුගිය සිකුරාදා දිනයේ අදාළ නායයාම සිදුවු අතර පුද්ගලයින් විශාල පිරිසක් සහ නිවාස රැසක් පස් කඳුවලට යටවී තිබුණි. මේ වනවිටත් ආදළ ස්ථානයේ ගලවා ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව සදහන් වෙයි.

බ්‍රිතාන්‍යයේ ‘හොඳම කෝකියා’ ලාංකික පශුවෛද්‍යවරයෙක්

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික, පශු ශල්‍ය වෛද්‍ය බ්‍රින් පිරතාපන්, රූපවාහිනී විශාලතම ඉවුම් පිහුම් තරඟාවලියේ 20 වැනි මාලාව අවසානයේ ජයග්‍රහණය කරමින්, මාස්ටර් චෙෆ් (MasterChef Champion 2024) හි කීර්තිමත් නාමයට හිමිකම් කීවේය. BBC One හි විනිශ්චයකරුවන් වන John Torode සහ Gregg Wallace විසින් බ්‍රින් හට මාස්ටර්චෙෆ් කුසලානය පිරිනමන ලදී. MasterChef ඉතිහාසයේ කොටසක් බවට පත්වෙමින්, 29 හැවිරිදි බ්‍රින් Read More

නොර්වේ පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගනී

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නොර්වේ කටයුතු කර තිබේ. එසේම ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිත බව වාර්තා වෙයි. මේ වනවිට එක්සත් ජාතීන්ගේ රටවල් 140ක් පමණ පලස්තීනයේ රාජ්‍යත්වය පිළිගෙන ඇති අතර අමෙරිකාව සහ එක්සත් රාජධානිය වැනි රටවල් කිහිපයක් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැත.

ඉරානයේ දින 5ක ශෝක කාලයක්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගේ මරණය හේතුවෙන් ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා අල් කමෙනි විසින් එරට දින 5ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. හෙළිකොප්ටර් යානා අනතුරින් මියගොස් තිබුණි. අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු Read More

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද මෙරටට

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනට පැමිණෙයි. එහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින හවුල්කාරිත්වය වර්ධනය කිරීමේ අරමුණින් දේශපාලන බලධාරීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

චීනයේ අන්තර්ජාල පාලනයට දැඩි නීති

සංවේදී දර්ශන සහ ප්‍රකාශ මුදා හැරීම වැළැක්වීමේ අරමුණ ඇතිව චීනයේ සමාජ මාධ්‍යජාලා පාලනයට එරට රජය පනවා ඇති නීතිරෙගුලාසි ඊයේ සිට දැඩි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ක්‍රියාත්මක වන ටෙන්සෙන්ට්, බයිට්ඩාන්සර් සහ වයිබෝ සමාජ මාධ්‍යජාලා සඳහා එම නීති ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවද අදාළ සමාජ මාධ්‍යජාලයේ පරිශීලකයන් විසින් Read More

t

o

p