චීනයේ අන්තර්ජාල පාලනයට දැඩි නීති

May 8, 2024

සංවේදී දර්ශන සහ ප්‍රකාශ මුදා හැරීම වැළැක්වීමේ අරමුණ ඇතිව චීනයේ සමාජ මාධ්‍යජාලා පාලනයට එරට රජය පනවා ඇති නීතිරෙගුලාසි ඊයේ සිට දැඩි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ ක්‍රියාත්මක වන ටෙන්සෙන්ට්, බයිට්ඩාන්සර් සහ වයිබෝ සමාජ මාධ්‍යජාලා සඳහා එම නීති ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කෙසේ වුවද අදාළ සමාජ මාධ්‍යජාලයේ පරිශීලකයන් විසින් මුදා හරිනු ලබන තොරතුරු නිරීක්ෂණය කිරීමට අන්තර්ජාල නිරීක්ෂකයන් අවශ්‍ය වන බැවින් එම නීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අන්තර්ජාල සමාගම් දැනුවත්ව නැති බව ද වාර්තා වේ. චීනයේ අන්තර්ජාල නීතිරෙගුලාසි යාවත්කාලීන කර ඇත්තේ දශකයකට පමණ පසුව බව ද වාර්තා වේ.

එම නීතිරෙගුලාසි පනවනු ලැබුවේ එරට මහාපරිමාණයේ අන්තර්ජාල ව්‍යාප්තිය හේතුවෙන් ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙනය.

t

o

p