G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද සිට ඇරඹෙයි

June 13, 2024

G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද (13) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වර්තා කළේ, මේ මස 15 දින දක්වා ඉතාලියේ සභාපතීත්වයේන් ඉතාලියේ පූලියා හි සමුළුව පැවැත්වීමට නියමිත බවයි.

මෙවර G 7 නායකයින් යුක්‍රේන, මැදපෙරදිග සහ ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු කලාපීය ගැටලු සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ආර්ථික ආරක්ෂාව, කෘත්‍රිම බුද්ධිය, දේශගුණික විපර්යාස සහ අනෙකුත් මාතෘකා ද සාකච්ඡා කිරීමට ඇති බව න්‍යාය පත්‍රයේ සඳහන් විය.

ඒ අනුව පළමු දින මාතෘකාවට මැද පෙරදිග සහ යුක්‍රේනය ඇතුළත් වන අතර යුක්‍රේන ජනාධිපති ව්ලැද්මියර සෙලෙනෙස්කි තම රටේ තත්ත්වය පිළිබඳව සැසිවාරයට පෞද්ගලිකව එක් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් යුක්‍රේන සමග නව ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.

t

o

p