පැපුවා නිව්ගිනියාවේ නායයාමෙන් පුද්ගලයින් 670 දෙනෙකු මරුට

May 27, 2024

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ දැවැන්ත නායයාමෙන් පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැකපළ කර තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ අදාළ නායයාම සිදුවු අතර පුද්ගලයින් විශාල පිරිසක් සහ නිවාස රැසක් පස් කඳුවලට යටවී තිබුණි.

මේ වනවිටත් ආදළ ස්ථානයේ ගලවා ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව සදහන් වෙයි.

t

o

p