ගංවතුර තත්ත්වයක් ගැන හදිසි දැනුම්දීමක්

May 27, 2024

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අද පස්වරු 6 වනවිට කුඩා ගඟේ ජල මට්ටම මීටර් 6.53ක් දක්වා ඉහළගොස් ඇති බවය.

එම මට්ටම මීටර් 8ක් ඉක්මවා ගියහොත් එය මහා ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින වැසි තත්ත්වයත් සමග මගුරු ගඟේ ජල මට්ටම ද ඉහළයමින් පවතින බවය.

ඊට අමතරව ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් ද තවදුරටත් ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p