වෙළෙඳපොළ මිළට වඩා 50%ක් අඩුවෙන් තේ පොහොර ගොවීන්ට

May 27, 2024

තේ වගාව සඳහා යොදනු ලබන පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කිරීමට ශ්‍රී ලංකා ‌තේ මණ්ඩලය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ පොහොර විශේෂ 05ක් නිෂ්පාදනය කර ඇති අතර එම පොහොර වෙළෙඳපො ළේ අලෙවි වන මිලට වඩා සියයට 50ක පමණ අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙන බැවින් වෙළෙඳපො ළේ රුපියල් 13,000ක් පමණ වන තේ පොහොර මිටියක් රුපියල් 5,500ට සහ 7,500ට මිල දී ගැනීමට හැකි බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ‌තේ මණ්ඩලය හා පුද්ගලික තේ කර්මාන්තකරුවන්ගේ සහයෝගයෙන් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් වන නැවුම් තේ මංගල්‍යය පසුගියදා කොටපොළ ‌එතිහාසික ගැටඹරු රජමහා විහාරයේ දී පැවැත්වුණු අවස්ථාවේ ඒහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කළේය.

‌තේ වගාකරන සෑම ප්‍රදේශයකින්ම ලබා ගන්නා ලද නැවුම් තේ ‌එතිහාසික ගැටඹරු රාජ මහා විහාරයේ දී ත්‍රිවිධ රත්නයට පූජා කිරීමට මෙහිදී සිදුවිය. එම අවස්ථාවට තේ වගාව නියෝජනය කරන රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයෙන් කරන ලෙස තමන් උපදෙස් දුන් බවද කීය.

පසුගිය කාලය තුළ මෙම පොහොර වැඩ පිළිවෙලෙහි යම් පසුබෑමක් දක්නට ලැබුනු හෙයින් තේ කර්මාන්තකරුවන්ගේ මැදිහත්වීම යටතේ තේ පොහොර යෙදීමට කළ සාකච්ඡා සාර්ථක වී තිබේ. ඒ අනුව තේ පොහොර තේ වගාකරුවන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සඳහා තේ කර්මාන්තකරුවන්ගේ මැදිහත් වීම මත පොහොර නිකුත් කිරීමට පියවර ගෙන ඇත.පොහොර තේ වගාවට යෙදීම මගින් ලබන වර්ෂය වන විට මෙරට තේ නිෂ්පාදනය නැවත වරක් ඉහළ යන බවට තමන් විශ්වාසය පළ කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

t

o

p