මෝදි අගමැති ධුරයේ දිවුරුම් දෙයි

June 9, 2024

සති හයක කාලයක් පුරා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනලදි.

අප්‍රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ ජුනි මස පළමුවන දින දක්වා පැවැත්විය. මැතිවරණයේ ප්‍රතිඵල ජුනි 4 වනදා නිකුත් කෙරුණු අතර නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 293ක් ජයග්‍රහණය කරමින් බහුතර බලය හිමිකර ගන්නාලදි.

කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයට හිමිකර ගැනීමට හැකිවූයේ ආසන 232ක බලය පමණයි.

‍අග්‍රාමාත්‍යවරයා සමග නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 30 දෙනෙකු ද එහිදී දිවුරුම් දෙන බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.

t

o

p