එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය සඳහා ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

June 9, 2024

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය සඳහා ශ්‍රී ලංකාව තේරී පත් වී තිබේ.

සාමාජික රටවල් 189 න් පක්ෂව ජන්ද 182 ක් ලබාගත් ශ්‍රී ලංකාව 2025 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක ධුර කාලයක් සඳහා පත්වී සිටින බවයි වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජන්ද ප්‍රමාණය කලාපයේ රටක් ලබාගත් දෙවන ඉහළම ඡන්ද ප්‍රමාණය බවයි.

t

o

p