ජනපතිට ඉන්දියාවේදී උණුසුම් පිළිගැනීමක්

June 9, 2024

අඛණ්ඩව තුන්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) ඉන්දියාව බලා පිටත් විය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගෙන තිබේ.

එහිදී ඉන්දීය සංස්කෘතිකාංග පිළිබිඹු වන ආකාරයේ නර්තනාංගයක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබෙන අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වටරවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි වී තිබේ.

t

o

p