ඇමසන් සමාගම සේවකයින් 18,000ක් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කරයි
ලොව ප්රමුඛ සමාගමක් වන ඇමසන් සමාගම සේවකයින් 18,000ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ඒ එම සමාගම සිය ඉතිහාසයේ එකවර වැඩිම සේවකයින් පිරිසක් ඉවත්කරන පළමු අවස්ථාව ලෙස දැක්වෙයි. ඇමසන් සමාගම පවසන්නේ වියදම් අඩු කරගැනීම සඳහා එම තීරණය ගත් බවය